විශ්වවිද්‍යාලයට සිසුන් 6,000ක්



බහරේන රාජ්‍යයේ විශාලම විශ්වවිද්‍යාලය වන බහරේන් විශ්වවිද්‍යාලයේ 2018-2019නව අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 6,000ක්බඳවාගෙන ඇති බව වාර්තා වේ.

සියළුම පාඨමාලාවන් සඳහා විශ්වවිද්‍යාලයට බඳවාගත් මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 30,000ක් වන බව ශිෂ්‍ය කටයුතු පිළිබඳ පීඨාධිපති, ආචාර්ය ඔසාමා ජවුඩර් ප්‍රකාශ කළේය.

ශිෂ්‍ය ශිෂ්‍යයාවන් හඳුනාගැනීම සඳහා විශේෂ වැඩසටහන් කීපයක් පැවැත්වීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කර තිබු අතර විශ්වවිද්‍යාලයේ ඇති පොදු ස්ථාන හඳුනාගැනීම සඳහා චාරිකාවක්ද සංවිධානය කර තිබු බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS