විවාහ වෙන්නේ පරිස්සමින්



ලේ ඥාති විවාහවලින් දරුවන්ට වැළඳෙන ජාන ගත රෝග වලක්වා ගැනීමට පියවර ගත යුතු බවට ඕමාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

දරුවන් අතර ජාන ගත රෝග ඇතිවීමට ලේ ඥාති විවාහයන් ප්‍රධාන සාධකයක් බවට පත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

ලේ ඥාති හෝ ලේ ඥාති නොවන සියළුම දෙනා විවාහ වීමට පෙර ඊට අදාල වෛද්‍ය පරීක්ෂණ සිදුකර ගත යුතු බවත් තමන්ට ගැලපෙන නිවැරදිම පුද්ගලයා තෝරාගෙන ජාන විකෘති දරුවන් ඇතිවීම වළක්වාගැනීමට කටයුතු කරන ලෙස විවාහ වීමට සිටින තරුණ තරුණියන්ගෙන් ඕමාන සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට්)


RECOMMEND POSTS