විලියම් කුමරු මැදපෙරදිග සංචාරය අරඹයි



ඔටුන්න හිමි විලියම් කුමරු මැදපෙරදිග සංචාරයක් ආරම්භ කළේය.

විලියම් කුමරු ඊශ්‍රායලයට සහ පලස්තීනයට අයත් පාලන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය. බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයකු ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන හෙයින්, මෙය ඓතිහාසික සංචාරයක් බව පැවැසෙයි.

1948 වසරේ යුද ගැටුම් නිසා හෙම්බත්ව සිටි බි්‍රතාන්‍ය පාලනයෙන් පලස්තීනය ගිලිහී ගියේය. එම අවස්ථාව වෙද්දී, බ්‍රිතාන්‍යයේ කිරුළ දැරුවේ විලියම් කුමරුන්ගේ මී මුත්තකු වුණු 6 වැනි ජෝර්ජ් රජුය.

එදායින් පසු, මේ වනතුරු බ්‍රිතාන්‍ය රජ පවුලේ කිසිවකු නිල වශයෙන් ඊශ්‍රායලයට හෝ පලස්තීනයට ගොස් නැති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කෙසේ නමුත් නිල නොවන මට්ටමින්, විලියම් කුමරුන්ගේ පියා චාල්ස් කුමරු සහ පිලිප් කුමරු ජෙරුසලට ම පැමිණ ඇත. ඒ, පිලිප් කුමරුන්ගේ මෑණියන් වූ ඇලිස් ආර්යාවගේ සොහොනට ගෞරව දැක්වීම සඳහාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS