විලියම් කුමරු ඊශ්‍රායලයට



දින පහක මැදපෙරදිග සංචාරයක නියැලෙන  හිමි විලියම් කුමරු, ජෝර්දාන සංචාරය අවසන් කිරීමෙන් පසු ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට පැමිණියේය.

ටෙල් අවීව් නුවර බෙන් ගුරියොන් ගුවන් තොටුපොළට විලියම් කුමරු පැමිණියේ රාජකීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකිනි. ඊශ්‍රායල රජයෙන් කුමරුන්ට උණුසුම් පිළිගැනීමක් හිමිවිය.

බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයකු නිල වශයෙන් ඊශ්‍රයලයට පැමිණි පළමු අවස්ථාව මෙයයි. එහෙයින්, මෙම සංචාරය ඓතිහාසික එකක් බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS