විරෝධතා ප්‍රචණ්ඩ වෙයි



ලෙබනනයේ බේරූට් වරායේ සිදුවුණු බිහිසුණු පිපිරීම සිදුවූයේ රජයේ නොසැලකිල්ල නිසා යැයි චෝදනා නගමින්, දහස් ගණනින් ලෙබනන් වැසියන් වීදි බැස රජයට එරෙහි විරෝධතා පවත්වන බව වාර්තා වේ.

ප්‍රකෝපකාරී විරෝධතාකරුවන් මර්දනයට පොලිසිය යෙදවීමට ලෙබනන රජය පියවර ගත් අවස්ථාවේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතරේ දරුණු ගැටුම් ඇවිලිණි. විරෝධතාකරුවෝ රජයේ ගොඩනැගිලිවලට පහර දී ගිනි තැබීමට පටන් ගත්හ.

බේරූට් වරායේ, 2013 වසරේ සිට, අනාරක්ෂිත අයුරින් තැන්පත් කළ  ටොන් 2,750 ක ඇමෝනියම් නයිට්‍රේට් තොගයක් පිපිරුමට හේතුවක් විය. ලෙබනන් වැසියන්ගෙන් ලෙබනන් රජයට විරෝධයක් එල්ල වූයේ මේ නිසාය.

බේරූට් වරායේ බිහිසුණු පිපිරුම සම්බන්ධයෙන්, පරීක්ෂණ පවත්වන ලෙබනන් ආරක්ෂක අංශ, බීරූට් වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන් ඇතුළු 16 දෙනකු අත්අඩංගුවට ගත් බව ද පැවැසෙයි.

බේරූට්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS