විරෝධතා ඇරැඹේ



ජෙරුසිලම ඊශ්‍රායලයේ අගනුවර යැයි පිළිගැනීමට ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණයත් සමඟ මුස්ලිම් රටවල් රැසකින් ට්‍රම්ප්ට විරෝධයක් එල්ල වී තිබේ.

ජෙරුසිලමේ, බෙත්ලෙහෙමේ සහ බටහිර ඉවුරේ පලස්තීන වැසියන් පමණක් නොව, පාකිස්තානයේ, ඇෆ්ගනිස්තානයේ, කාශ්මීර ප්‍රදේශයේ මුස්ලිම් වැසියෝ ද වීදි බැස විරෝධතාවල නියැලුණේ ඇමෙරිකන් ධජ සහ ට්‍රම්ප්ගේ ඡායාරූප ගිනිතබමිනි.

බටහිර ඉවුරේත් ජෙරුසිලමේත් විරෝධතා පාලනය කිරීමට උපරිම බලය යොදන බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසා ඇත. ඊශ්‍රායල ආරක්ෂක අංශ සහ පලස්තීනුවන් අතරේ මේ වනවිට දරුණු ගැටුම් හටගෙන ඇති බව ද වාර්තා වේ.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS