විපක්ෂ පුවත්පත් කාර්යාලය වසා දැමේ



බහරේන් රජයේ දැඩි විරෝධය හේතුවෙන් එරට විපක්ෂ හිතවාදී ‘අල් වසාත්’ පුවත්පත් කාර්යාලය වසා දැමීමට එහි අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කර ඇත.

බහරේන් පාලකයන් එරට විපක්ෂ ක්‍රියාකාරීන් දැඩි ලෙස මර්දනය කෙරේ. එය බොහෝ දෙනාගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. පාලකයන්ගේ විරෝධය මැද ‘අල් වසාත්’ පුවත්පත වසා දැමීම සිදුවූයේ මීට මාසයකට පෙරය.

‘අල් වසාත්’ පුවත්පත් කාර්යාලය සම්පූර්ණයෙන් වසා දැමීමට එහි බලධාරීන් තීරණය කළේ ඊයේ (25) දිනයේය. ඒ අනුව, තම සේවකයන්ගේ කොන්ත්‍රාත් සියල්ල ද අවසන් කර ඇති බව පුවත්පත් කාර්යාලයේ ප්‍රධානීහු පවසති.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS