විපක්ෂ නායකයාට නඩු දමයි



තුර්කි ජනාධිපති රිජෙප් තායිප් ඇර්ඩොවාන් තුර්කි ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායමේ නායකයාට එරෙහිව නඩු පවරා ඇතැයි ‘ප්‍රෙස් ටීවී’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

තුර්කියේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ ජනතා රිපබ්ලිකන් පක්ෂයයි. එහි ප්‍රධානියා මෙන්න තුර්කියේ විපක්ෂ නායකයා ද වන්නේ කෙමාල් කිලිඩරෝග්ලූය.

තුර්කි ජනපතිවරයාගේ නීතීඥ හුසෙයින් අයිදින් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ජනපතිවරයා කෙමාල් කිලිඩරෝග්ලූගෙන් ඇමෙරිකන් ඩොලර් 63,000 ක මුදලක් ඉල්ලා නඩු පැවැරීමට කටයුතු කර ඇති බවය.

ඊට හේතු වී ඇත්තේ කෙමාල් කිලිඩරෝග්ලූ තුර්කි ජනාධිපතිවරයාට අපහාස කිරීමය. කෙමාල් කිලිඩරෝග්ලූ පවසා ඇත්තේ තුර්කි ජනාධිපතිවරයා සහ ඇමෙරිකාවේ වෙසෙන තුර්කි විපක්ෂ ආගමික නායක ෆෙටුල්ලා ගුලේන් අතරේ සම්බන්ධයක් ඇති බවටය.

2016 වසරේ දී තුර්කි ජනාධිපති රිජෙප් තායිප් ඇර්ඩොවාන් ට එරෙහිව හමුදා කුමන්ත්‍රණය මෙහෙයවීම කළේ යැයි චෝදනා ලැබ සිටින්නේ ද මෙම ආගමික නායකයාය. තුර්කි ජනාධිපති රිජෙප් තායිප් ඇර්ඩොවාන් තරයේ කියා සිටින්නේ විපක්ෂ නායකයා එල්ල කරන චෝදනා පදනම් විරහිත බවටය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS