විපක්ෂ ක්‍රියාකාරීන් මරන්න එපා: ජගත් සංවිධානය බහරේන් රජයට කියයි




 

ෂියා මුස්ලිම් විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන්ට මරණීය දණ්ඩනය ලබා දීම වහා නැවැත්වීමට කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම බහරේන රජයට දැනුම් දීමක් කළේය.

මානව හිමිකම් කොමිසම වෙනුවෙන් එහි ප්‍රකාශක රූපට් කෝවිල් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව නිවේදනය කළේය.
බහරේන් රජය එරට විපක්ෂ ක්‍රියාකාරීන් දැඩි ලෙස මර්දනය කරයි. ඔවුන් රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කරනවා යැයි ද චෝදනා එල්ල කර ඇත. විපක්ෂ නායකයන් කිහිප දෙනකුට මරණ දඬුවම ලබා දීමට ද බහරේන් රජය පියවර ගෙන ඇත. 

බහරේන් රජයේ එම ක්‍රියාකලාපය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දැඩි දෝෂ දර්ශණයට හේතුවක් වී ඇතැයි ද වාර්තා වේ.

බහරේන් රජය මේ වනවිට නිවේදනය කර ඇත්තේ තවත් විපක්ෂ ක්‍රියාකාරීන් කිහිපදෙනකුට මරණ දඬුවම ලබා දීමට තමන් සූදානමින් සිටින බවය.


RECOMMEND POSTS