විපක්ෂ ක්‍රියාකාරක අත්අඩංගුවට



තුර්කියේ ප්‍රධාන විපක්ෂ ක්‍රියාකාරකයා වන එරන් අර්ඩන් ත්‍රස්ථවාදී චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.

2016 වර්ෂයේදී තුර්කි ජනාධිපතිවරයා හට ප්‍රහාර එල්ල කළ ත්‍රස්ථවාදී කණ්ඩායමට සහය පළ කිරීමේ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව තුර්කි මාධ්‍ය සඳහන් කළේය.

එරන් අර්ඩන් නැමැති 31 හැවිරිදි අදාළ විපක්ෂ ක්‍රියාකාරකයා 2014 වර්ෂයේදී විපක්ෂ පුවත්පතක සංස්කාරකවරයා ලෙස කටයුතු කරමින් සිට කාලයේ දුරකථන සංවාද වලට අනවසරයෙන් සවන් දී ප්‍රවෘත්ති පළ කළ බවට ද චෝදනා එල්ල වී ඇත.

එරන් අර්ඩන් මේ මස 24 වනදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද පරාජයට පත්ව සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයද අහිමි කරගෙන ඇති බව සඳහන් විය.   

කෙසේවෙතත් එරන් අර්ඩන් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ

තිළිණි ද සිල්වා


RECOMMEND POSTS