විනාඩි 15 න් දික්කසාද වෙලා



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව යුවලක් විවාහ වී විනාඩි 15 කින් දික්කසාද වීමේ පුවතක් ගල්ෆ් ඬේලි නිවුස් වෙබ් අඩවිය වාර්තා කොට ඇත.

මනාලයා එම විවාහ ගිවිසුමේ දී ගිවිස ගෙන ඇත්තේ දායාද ලෙස මනාලිය ගේ පියාට ඩිරාම් ලක්ෂයක් (ඇමරිකානු ඩොලර් 30000 )ක් ලබාදෙන බවකි.

ඒ අනුව විවාහයට අස්සන් තැබූ මනාලයා දායාදයේ පළමු කොටස ලෙස ඩිරාම් 50000 ක් ලබා දී ඇති අතර ඉතිරිය  පසුව ලබා දීමට පොරොන්දු වී ඇත.

එහෙත් විවාහය ලියාපදිංචි කළ විනිසුරු ගේ කාර්යාලයේ දීම පොරොන්දු මුළු මුදලම මනාලිය ගේ  පියා ඉල්ලා සිටි අතර ඒ මුදල ගෙනෙන තුරු තවත් විනාඩි පහක් හෝ පමා වීමට ඔහු සුදානම් නැති බව ද දැනුම් දුන්නේය. 

පොරොන්දු වූ මුදල එවෙලේ දීමට නොහැකි වූ බැවින් මනාලයාට සිදුවූයේ තම මනාලිය විනාඩි 15 කදී දික්කසාද කිරීමටය .
 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS