විධායක ජනපති ක්‍රමයට තුර්කි ජනතාවගේ කැමැත්ත



පාර්ලිමේන්තු ක්‍රමය වෙනුවට විධායක ජනාධිපති ක්‍රමයක් හඳුන්වා දීම සඳහා තුර්කියේ පැවැති ජනමත ජනමත විමසුමේදී තුර්කි වැසියන් බහුතරය කැමැත්ත පළ කළේ තුර්කි ජනපති රිසෙප් ටයිප් එර්ඩෙගොන්ට විධායක බලය ලබා දිය යුතුයි කියාය.

විධායක ජනපති ක්‍රමය පිළිගනිමින් සියයට 57.37 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබුණු බව ද වාර්තා වේ. ඒ අනුව, ජනපති එර්ඩෙගොන්, 2029 තෙක් වසර 12 ක කාලයක් පුරාවට තුර්කියේ විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

විධායක බලතල හිමිවීමත් ජනපති එර්ඩොගොන්ට අමාත්‍යවරුන් පත් කිරීම, හදිසි නියෝග නිකුත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ විනිසුරුවරුන් පත් කිරීමට ද බලය හිමිවෙයි.

තුර්කිය නේටෝ සාමාජික රාජ්‍යයක් ද වෙයි. තුර්කි ජනපතිවරයා මෙසේ සිය බලතල පුළුල් කරගැනීමට කටයුතු කිරීම සෙසු නේටෝ රටවල විරෝධයට ද හේතුවක් වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS