විදේශීය විශ්වවිද්‍යාල 15ක් අසාදු ලේඛනයට



ඕමානය විදේශීය විශ්වවිද්‍යාල 15ක් අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

අසාදු ලේඛනයට ඇතුළත් කර ඇති විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා නොගන්නා ලෙසත්, එම උපාධි පිළිගත් සුදුසුකමක් ලෙස නොසලකන බව ඕමාන රජය සිසුන්ට අනතුරු අඟවයි.

විශ්වවිද්‍යාල 15න් 12ක් ඇමරිකාවේ පිහිටා තිබෙන බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බවත්, එවැනි විශ්වවිද්‍යාල ඇමරිකාවේ නොමැති බවත්, වෙබ් අඩවි පමණක් පවත්වා ගෙන යමින් සිසුන්ගෙන් මුදල් අයකරගැනීමට වංචනිකව කටයුතු කරන බව ඕමාන් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

දකුණු කොරියානු පුක්යොන්ග් ජාතික විශ්ව විද්‍යාලය සහ කියුංපූක් ජාතික විශ්ව විද්‍යාලය මගින් ලබාදෙන උපාධි පිළිගන්නා බව ඕමාන් අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.

අසාදු ලේඛනයට ඇතුලත් කළ විදේශීය විශ්වවිද්‍යාල:

රොච්විල් විශ්ව විද්‍යාලය, ඇෂ්ලි විශ්ව විද්‍යාලය, ඇමරිකානු මයිඩාස්ට් විශ්ව විද්‍යාලය, නිව්පෝට් විශ්ව විද්‍යාලය,

වේල්ස්බ්‍රිජ් විශ්ව විද්‍යාලය, පෑන්වර්ල්ඩ් විශ්ව විද්‍යාලය, බැරින්ග්ටන් විශ්ව විද්‍යාලය, ගිබ්සන් විශ්ව විද්‍යාලය,

ඇඩම් ස්මිත් විශ්ව විද්‍යාලය, වොෂිංටන් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය, ඇමරිකානු වෘත්තීය අධ්‍යයන විශ්ව විද්‍යාලය,

රිවර්වුඩ් විශ්ව විද්‍යාලය, හෙරියට් වොට් විශ්වවිද්‍යාලය, කැන්ටබරි විශ්ව විද්‍යාලය, ජෝන් කැබට් විශ්ව විද්‍යාලය

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS