විදේශිකයෝ අත්අඩංගුවට



2016 වසරේ ජූලි මාසයේ තුර්කියේ පැවැති අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ රටවල් 18 ක විදේශිකයන් 80 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි තුර්කි බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් තුර්කි නියෝජ්‍ය අගමැති බෙකීර් බොස්ඩාග් පවසා ඇත.

මෙම විදේශිකයන් 18 දෙනා, එම හමුදා කුමන්ත්‍රණය මෙහෙයවීම සිදු කළේ යැයි චෝදනා ලැබ සිටින ආගමික නායකයකු වන ෆෙතුල්ලා ගුල්න්ගේ කණ්ඩායමේ හවුල්කරුවන් යැයි ද බුද්ධි අංශ වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

තුර්කියේ එම හමුදා කුමන්ත්‍රණය ආරම්භ වූයේ ජනාධිපති රිජෙප් තායිප් එරදෙගොන් බලයෙන් නෙරපා දැමීමටය. කෙසේ නමුත් ජනාධිපතිට එරෙහි වුණු හමුදා සොල්දාදුවන්ට, රටේ ජනතාව හරස් විය. හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වූයේ ඒ අනුවය.

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS