විදේශිකයෙක් ඔත්තු බලලා



එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ ඔත්තු බැලීමේ චෝදනාව මත විදේශිකයෙක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කර ඇති බව වාර්තා වේ.

මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙක් විදේශිකයාගේ හැසිරීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇත.  

විදේශ සමාගමකට රහසිගත තොරතුරු සැපයීමට එමිරේටයට පැමිණි බව පොලීසිය කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පාපොච්ඡාරණය කර ඇත.

විශේෂ නඩුවක් ලෙස සලකා හැකි ඉක්මණින් නඩුව විභාග කරන ලෙස එමිරේට් නීතිපති, ආචාර්ය හමීඩ් සයිෆ් අල්-ශම්සි නියෝග කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS