විදේශිකයින්ට දාව උපන් දරුවන්ට පුරවැසිභාවය



එළැඹෙන රාමදාන් උපවාස කාලය නිමිත්තෙන් විදේශිකයින්ට දාව එමීර් ජාතික කාන්තාවන්ට උපන්  දූ දරුවන් 208 දෙනෙකුට පුරවැසිභාවය ලබා දීමට එක්සත් අරාබි එමීර් රජය තීරණය කර ඇත.

සිය දරැවන්ට එරට පුරවැසි භාවය ලබා දෙන්නැයි ඉල්ලා එමීර් ජාතික කාන්තාවන් මීට වසරකට පෙර එරට ආගමන විගමන දෙපාර්කතමේන්තුවට අයැදුම් කර තිබූ අතර එය ලබා දීම ඉකුත් කාලය පුරාම කල් ගත වෙමින් පැවතිනි.

නමුත් මෙම ඉල්ලීම් වලට එමීර් ජනාධිපති ෂෙයික් කලීෆා බින් සයේඩ් අල් නයාන් කුමරු ගේ උත්තරීතර අනුමැතිය හිමි වීමත් සමඟ විදේශිකයින්ට දාව උපන් එම දරැවන් සඳහා එමීරයේ පුරවැසිභාවය හිමි වූහ.

තිළිණි ද සිල්වා
ගල්ෆ් නිවුස් ඇසුරිනි


RECOMMEND POSTS