විදේශිකයින්ගේ අසංවර හැසිරීම්වලට කටාර්හි දැඩි දඩුවම්



කටාර් හි නීතිය ඉදිිරියේ දඩුවම් ලබන විදේශික ශ‍්‍රමික කාන්තාවන් වැඩිම පිිරිසක් එසේ දඩුවම් විදින්නේ අනියම් ලිංගික ඇසුර හා අසංවර හැසිරීම හේතුවෙන් යැයි කටාර් හි මාධ්‍ය පෙන්වා දෙයි.

අනියම් සබදතා පොදු ස්ථානවල අසංවර හැසිරීම් ආදිය එරට නීතිය අනුව තහනම් වන නමුත් එම වැරදි පිළිබදව අත් අඩංගුවට ගැනීම් හා සිරගත කිරීම් වැඩි  වීමක් මිස අවම වීමක් සිදුව  නැතැයි එම මාධ්‍ය පෙන්වා දෙයි.

එරට සේවය සදහා පැමිණෙන විදේශීක කාන්තාවක් විවාහයකින් තොරව දරුවෙකු බිහි කළ හොත් එරට නීතිය යටතේ මාස12 ක සිර දඩුවමකට යටත් වේ.

එමෙන්ම එවැනි දරුවෙකු ගබ්සා කිරීමට උත්සාහ  කිරීම ෂත් වසරක සිර ද`ඩුවමකට යටත් වීමට හේතුවන බව ද එම වාර්තා පෙන්වා දෙයි. ගබ්සාවකට අනුබල දෙන තැනැත්තෙකුට වසර දහයක සිර දඩුවමක් ද එම  නීතිය යටතේ හිමිවේ.

එසේ සිරගත කරන කාන්තාවකගේ දරුවා වයස අවුරුදු දෙකක් යන තුරු මව සමග සිරගෙය තුළ තබා ගැනීමට අවසර ඇතත් අනතුරුව නීථ්‍යානුකූල අයිතියක් ඇති අයෙකුට භාර දීම අනිවාර්යවේ.

එබැවින් මෙවැනි වැරදිවලට හසු නොවී රැුකියාව කරන්නට වග බලාගන්නැයි එම මාධ්‍ය වාර්තා විදේශිකයින්ගෙන් ඉල්ලීමක් කරයි. 

    

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS