විදේශිකයන්ට වෙනම වෛද්‍ය සායන



විදේශ ශ්‍රමිකයන්ට පමණක් වෙන් වු වෛද්‍ය සායන ආරම්භ කිරීමට පියවර ගන්නා බව කුවේට් සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය බාසල් අල්- සභා ප්‍රකාශ කළේය.

අදාල වෛද්‍ය සායන හැකි ඉක්මණින් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.

සෞඛ්‍ය රක්ෂණ රෝහල් සමාගම සියලුම වෛද්‍ය උපකරණ සැපයීම භාරව කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS