විදේශිකයන්ගේ මුදල් යැවීම අඩුවෙලා



සෞදි අරාබියේ සේවය කරන විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් යැවීම (ප්‍රේෂණ) සියයට 5.86කින් අඩු වී ඇති බව වාර්තා වේ.

සෞදි රියාල් බිලියන 11.46ක මුදලක්2018 ජුලි මාසය තුලතම රටවලට යවා ඇති අතර 2019 ජුලි මාසයේදි එම මුදල බිලියන 11.17  දක්වා අඩු වී ඇත.

2018 මුල් මාස තුන ඇතුලතසෞදි රියාල් බිලියන 32.9ක් යවා ඇති අතර මෙම වසරේ මුල් මාස තුන ඇතුලත යවා ඇත්තේ බිලියන 31.9කි.

2017 දී විදේශිකයින්ගේ මුදල් යැවීම ඩොලර් බිලියන 141.6 ක් දක්වා ඉහළ ගොස් තිබු අතර 2018 වසරේඩොලර් බිලියන 136.43 දක්වා පහත වැටී ඇත.

විදේශ ගත සෞදි ජාතිකයන්ගේ මුදල් එවීම 2018 ජුලි මාසය සමඟ මෙම වසරේ ජුලි මාසය සංසන්දනය කිරීමේදි සියයට විස්සකින් ඉහළ ගොස් ඇති අතර සෞදි රියාල් බිලියන 4.52 සිට බිලියන 5.42 දක්වා වැඩි වී ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS