විදේශිකයන් බඳවා ගැනීමේ තහනම දීර්ඝ කෙරේ



පෞද්ගලික අංශයේ වෘත්තින් නවයක් සඳහා විදේශීකයන් බඳවා ගැනීමට ඕමාන රජය පනවා තිබු තහනම තවත් හය මසකට දීර්ඝ කර ඇතැයි එරට මාධ්‍ය පෙන්වා දෙයි.

2013 වසරේ මෙකී තහනම පනවා තිබු අතර එය තව දුරටත් දීර්ඝ කරන  බව ඕමාන මිනිස් බල අමාත්‍යංශය නිවේ දනය කර තිබේ.

වඩු කාර්මික, ගඩොල් පෝරනු කම්කරුවන්, කම්මල් කරුවන්, ද්‍රව්‍ය සමික්ෂකයින් ඇතුළු වෘත්තින් 9 ක් සඳහා මෙම තහනම පනවා තිබිණි.

කෙසේ වෙතත් ඕමාන මිනිස් බල අමාත්‍යංශ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ සමාගම් වර්ග කිරීම්වලදී ඉහළම තත්ත්වයේ සිටින සමාගම් රජයේ ව්‍යාපෘති  ක්‍රියාත්මක කරන සමාගම්, අන්තර්ජාතික සමාගම් සහ උපදේශන සමාගම් මෙම තහනමට ඇතුළත් නොවන බවයි.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS