විදේශිකයන් කාටවත් එන්න දෙන්නේ නෑ



කිසිම විදේශිකයකුට ඊශ්‍රායලයට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙන බව ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායලය මෙම තීරනය ගෙන ඇත්තේ ලොව කැලැඹීමට සමත් වූ 'ඔමික්‍රෝන්' විකෘතිය සැලකිල්ලට ගනිමිනි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් මෙම තහංචිය පැනැවීම කළේ සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුවය. කිසිදු විදේශිකයකුට දින 14 ක් යන තුරු ඊශ්‍රායලයට පැමිණීමට අවසර ලබා දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

ඒ අනුව, 'ඔමික්‍රෝන්' විකෘතිය හේතුවෙන්, රටක් සියලු විදේශිකයන්ට තහංචි පැනැවීමක් කළ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

අප්‍රිකාවේ බොට්ස්වානා රාජ්‍යයෙන් ආරම්භ වී, මේ වනවිට දකුණු අප්‍රිකාවේ වේගයෙන් පැතිර ගොස් ඇති 'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘතිය ඊශ්‍රායලයෙන් ද වාර්තා වෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS