විදේශිකයන් කළ ජාවාරමක් අල්ලයි



විදේශිකයන් පිරිසක් පවත්වා ගෙන ගිය නීතිවිරෝධි විදුලි සංදේශ සේවා විකිණීමේ ජාවාරමක් කොටු කරගැනීමට ඕමාන් පොලීසිය සමත් වී ඇත.  

විදුලි සංදේශ සේවා විකුණමින් සිටින අවස්ථාවේදි විදේශිකයන් පිරිස අල්ලාගැනීමට ඕමාන් රාජකීය පොලීසිය සමත් වී ඇත.

නීතිමය පියවරගැනීම සඳහා රාජ්‍ය නඩුපැවරීමේ අධිකාරියට භාරදීමට පොලීසිය කටයුතු කර ඇත.

බලපත්‍රයක් නොමැතිව විදුලි සංදේශ සේවා විකිණීම විදුලි සංදේශ පනත උල්ලංඝනය කිරීමක් බව ඕමාන් විදුලි සංදේශ නියාමන අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS