විදේශිකයන් 19කට පුරවැසිභාවය



ඕමානයේ ජීවත්වන විදේශිකයින් 19 දෙනෙකුට පුරවැසිභාවය ලබා දී ඇති බව වාර්තා වේ.

ඕමාන් සුල්තාන් කබූස් බින් සයිඩ් විසින් නිකුත් කරන ලද රාජකීය නියෝගකට අනුව පුරවැසිභාවය ලබාදීමට කටයුතු කර ඇත.

2018 වර්ෂයේදි විදේශිකයන් තිස්හත්දෙනෙක්ට පුරවැසිභාවය ලබාදී ඇති අතර යේමන ජාතිකයන් හයදෙනෙක්ට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇත.

ඕමාන් සුල්තාන් නිකුත් කළ නියෝගයෙන් පුද්ගලයන් හතළිස් එක්දෙනෙක්ට යළි පුරවැසිභාවය ලබාදී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS