විදේශිකයන් 100 කට නඩු



ඉරාකයේ අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තවාදීන් සමඟ එක් වී සටන් බිමට පිවිස, පසුව ඉරාක හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබූ යුරෝපා රටවල මුස්ලිම් වැසියන් 100 දෙනකුට තමන් නඩු පැවැරීමට කටයුතු කරන බව ඉරාක රජය කියයි.

එම ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම හිමිවීමේ අවධානමක් පවතින බව ද පැවැසෙයි. එසේ ඉරාක හමුදාව විසින් අල්ලා ගනු ලැබූ විදේශිකන්ගෙන් වැඩි දෙනා බෙල්ජියම, ජර්මනිය, ප්‍රංශය සහ රුසියාවෙන් පැමිණි මුස්ලිම් ජාතිකයන් යැයි ඉරාක රජය කියා සිටී.

මෙම පිරිස, ඔවුන්ගේ රටවලින් රහසේ පිටවී, දේශසීමා හරහා පැමිණ පසුව අයි.එස්.අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරී ත්‍රස්තවාදීන් සමඟ එක් වී ඇත්තේ 2014 වසරේදීය.

අද වනවිට දයේෂ් තක්ෆීරී ත්‍රස්තවාදීන් ඉරාකයේ දැඩි පසුබෑමකට ලක් වී සිටී. ඔවුන් අත්පත් කරගෙන සිටි නගර සහ පළාත් යළි අත්පත් කර ගැනීමට ඉරාක රජයේ හමුදාවෝ සමත් වී සිටිති.

(ප්‍රෙස් ටීවී)

 

 


RECOMMEND POSTS