විදේශ ශ්‍රමිකයින් මිලියන 15ක් ගල්ෆ් රටවලට



විදේශීය ශ්‍රමිකයින්ට ලබා දී ඇතිපහසුකම් හාආරක්ෂාව නිසා ගල්ෆ් කලාපීය රටවල් වලට මිලියන15කට වඩා වැඩි ශ්‍රමිකයින් පිරිසක් සේවය සඳහා පැමිණ ඇති බව බහරේන කම්කරු අමාත්‍ය, ජමීල් හමේදීන් ජීනිවා නුවර පැවති 106 වන ජාත්‍යන්තර කම්කරු සමුළු සැසිවාරය අමතමින් ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව, රැකියාවට සරලන වැටුප්, වෘත්තීමය ආරක්ෂාව සහ විදේශීය ශ්‍රමිකයින්ට වෙනස් ලෙස නෙසැලකීම වැනි කරුණු පවත්වා ගෙන යෑම සඳහා ගල්ෆ් කලාපයේ රටවල රජයන් කටයුතු කරන නිසා ලෝකයේ රැකියා අවස්ථාවන් සපයනු ලබන ඉහළම ජාතීන් බවට ගල්ෆ් කලාපයේ රටවල් පත් වී ඇති බව කම්කරු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS