විදේශ ශ්‍රමිකයන් තර්ජනයක්



කුවේටයේ සිටින අධික විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව කුවේටයේ අනන්‍යතාවයට තර්ජනයක් බව කුවේට් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීපදෙනක් පවසනවා.

විශේෂ කමිටුවක් පත් කර අදාල කාරණාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා යෝජනාවක් කුවේට් පාර්ලිමේන්තුවට මොහොමඩ් අල්-ඩලාල්, එසා අල් කන්දාරි, ඔසාමා අල්-ෂහීන් සහ කලීල් අල් සලේ යන මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇත.

වසර දහයක් ඇතුලතදී,විදේශ ශ්‍රමිකයන් 60%කින් අඩුකිරීම සඳහා ජාතික සැළැස්මක් මන්ත්‍රීවරුන් කමිටුවට යෝජනා කර ඇත.

සංවර්ධ ක්‍රියාවලියට හානි නොවන ආකාරයෙන්ප්‍රතිපත්ති සකස් කිරීමට කමිටුව කටයුතු කරනු ඇති බවට මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කර ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS