විදේශ ශ්‍රමිකයන් 400 ගෙදර යවයි



කුවේට් අමාත්‍යාංශවල සේවය කරන විදේශ ශ්‍රමිකයන් 400කගේ සේවය අවසන් කිරීමට කුවේට් රජය කටයුතු කර ඇති බව වාර්තා වේ.

පළමු කණ්ඩායමට අයත් සේවකයන් 150ගේ සේවය අවසන් කිරීමෙන් පසු, අදාල තොරතුරු මාධ්‍යට ලබාදීමට මහජන සහ නිවාස කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රානා අල්-ෆාරෙස් කටයුතු කළ බව අල්-රායි පුවත්පත වාර්තා කරනවා.

කුවේට්කරණ ප්‍රතිපත්තියට අනුව, විදේශ ශ්‍රමිකයන්ගේ සේවය අවසන් කිරීමට කටයුතු කර ඇති අතර, කුවේට් ජාතිකයන්ව අදාල පුරප්පාඩුවලට පත් කිරීමට නියමිතව ඇත.

පරිපාලන, නීති සහ තාක්ෂණික වෘත්තීන්හි සේවය කරන විදේශ ශ්‍රමිකයන් මෙම පිරිසට අයත් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS