විදේශ ශ්‍රමිකයන් 4% අඩුවෙයි



ඕමානයේ විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව සියයට හතරකින් පහත වැටී ඇති බව වාර්තා වේ.

2018 වර්ෂයට සාපේක්ෂව 2019 වර්ෂයේදි විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 4%කින් පහත වැටී ඇති අතර, එම සංඛ්‍යාව 1,721,035 දක්වා අඩු වී ඇත.

විදේශ ශ්‍රමිකයන් 66,412ක් ආපසු ගොස් ඇති බව ඕමාන් සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව නිකුත් කළ සංඛ්‍යා දත්තවල සඳහන් කර ඇත.

2017 වර්ෂයේදි සමස්ථ ජනගහනයෙන් 45.9%ක් විදේශ ශ්‍රමිකයන් නියෝජනය කළ අතර 2016දී 45.1%ක් සහ 2015දී 43.6%ක් විය.

ඕමානයේ විදේශ ශ්‍රමිකයන්ගෙන් බහුතරය ඉන්දියානු,බංග්ලාදේශ සහ පකිස්ථාන ප්‍රජාවන් වන අතර පිළිවෙලින් 6.3%, 3.9% සහ 4.8%කින් පසුගිය වසරේ පහත වැටී ඇත.

පෞද්ගලික අංශයේ තනතුරු ඕමාන ජාතිකයන් පමණක් ලබාදීමට (ඕමානීකරණය) රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් පසු විදේශ ශ්‍රමිකයන් විශාල ලෙස අඩුවීමට පටන් ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS