විදේශ බිළිඳුන් ලක්ෂ 6 වඩා ඉපදිලා



කුවේටයේ විදේශ බිළිඳුන් 620, 751ක් 1987 සිට 2018 කාලය තුල උපත ලබා ඇති බව එරට සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේ ය. 

2008 වර්ෂයේ සිට පසුගිය වසර (2018) දක්වා කාලය තුල විදේශීය බිළිඳුන් 20,000කට වැඩි සංඛ්‍යාවක් වාර්ෂිකව උපත ලබා ඇති බව සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුවේ මහජන තොරතුරු අධිකාරිය ප්‍රකාශ කළේ ය.

1987 සිට 1989 දක්වා කාලය තුළ වාර්ෂිකව විදේශ බිළිඳුන් 31,000 ක් උපත ලබා ඇත.

1990 වර්ෂයෙන් පසු වාර්ෂිකව උපන් බිළිඳුන්ගේ සංඛ්‍යාව 7,000 සිට 13,000 දක්වාත්,2005 වර්ෂයෙන් පසු17,580 දක්වා වැඩි වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS