විදේශ ගමන් බලපත්‍රය නිවැරදි කරගන්න කාලසීමාවක්



තම විදේශ ගමන් බලපත්‍රයේහි කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් ඒ බව පැය 24ක් ඇතුලත අදාල බළධාරීන්ට දන්වන ලෙස සෞදි වැසියන්ගෙන් සහ රටතුල සිටින විදේශ ශ්‍රමිකයින්ගෙන් සෞදි රජය ඉල්ලීමක් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩිවිය වාර්තා කලේය.

මේ සදහා රජය විසින් කාලසීමාවක්ද ලබාදී ඇත.

අදාල කාලසිමාවේදි නිවැරදි නොකරගන්න හට සෞදි රියාල් 1000 සිට 3000ක් දක්වා දඩ මුදලක් අයකිරීමට නියමිතව ඇත. 
විදේශ ගමන් බලපත්‍රය අහිමිවු, කල් ඉකුත් වී ඇති පුද්ගලයින්ට මෙම කාලසීමාවේදි දඩ මුදලකින් තොරව තම ගමන් බලපත්‍රය නිවැරදි කරගැනීමට අවස්ථාවක් හිමි වේ. 

මේ අතර, නේවාසික විසා කාලය අවසන්වී ඇති විදේශය පුද්ගලයින්ට මෙම කාල සිමාවේදි අනුමත ගාස්තු පමණක් ගෙවා අදාල නේවාසික විසා අලුත් කරගන්නා ලෙසට විදේශ ගමන් බලපත්‍ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දන්වා සිටියේය.  

අදාල කාල සිමාවේදි විසා අලුත් නොකරගන්නා විදේශිකයින්ට සෞදි රියාල් 500ක දඩයක් ගෙවීමට සිදුවන අතර මෙම නීතිය උල්ලංඝනය කරන සෑම අවස්ථාවකදීම දඩ මුදල දෙගුණ වේ. 

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS