විදේශ ගතවීමට අවසර නෑ: එමිරේටය



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පුරවැසියන්ට සහ විදේශිකයන්ට විදේශ ගත වීම තවමත් තහනම් කර ඇති බව වාර්තා ‍වේ.

සංචාරයන් සහ විනෝදාස්වාද කටයුතු සඳහා විදේශ ගතවීමට අවශ්‍ය පුරවැසියන් සහ එමිරේටයේ රැදී සිටින විදේශිකයන් ඒ සඳහා අවසර පත්‍රයක් ලබා ගත යුතු බව රජය නිවේදනය කරනවා.

දැනට විදෙස් ගත වීමට අවසර ඇත්තේ අධ්‍යයනය, වෛද්‍ය ප්‍රතිකාර, රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල, ව්‍යාපාර කටයුතු සහ තම මව් රටවලට ආපසු යාමට අවශ්‍ය අයට පමණක් බව ජාතික හදිසි ආපදා කළමනාකරණ අධිකාරිය සඳහන් කළේ ය.

කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් අදාල තහනම පනවා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS