විදේශ ඇමති රාජ්‍ය ලේකම් හමුවෙයි



සෞදි විදේශ කටයුතු අමාත්‍ය, ෆයිසාල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා අල්-සවුඩ් කුමරු එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා හමු වී ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම්, මයික් පොම්පියෝ සමඟ වොෂිංටන් නුවරදී ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කර ඇති අතර දෙපාර්ශ්වයම කලාපීය හා ජාත්‍යන්තර සංවර්ධනයන් පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

එක්සත් ජනපදයේ සෞදි තානාපති, රීමා බන්ඩාර් බින් සුල්තාන් කුමරියද සාකච්ඡාවට සහභාගි වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS