විදෙස් හමුදා යනකල් අපි සිරියාවේ ඉන්නවා



සිරියානු අර්බුදයටෙ මැදිහත් වී එරට රැඳී සිටින සියලුම විදෙස් හමුදා සිරියාවෙන් පිටව ගිය පසු තමන් ද සිරියාවේ රඳවා ඇති තම හමුදා  ඉවත් කර ගන්නා බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසයි.

තුර්කිය යනු සිරියාවේ අසල්වැසියාය. තුර්කි සිරියා දේශසීමාවේ සිටින කුර්දි වැසියන් සහ කුර්දි බෙදුම්වාදීන් ත්‍රස්තවාදීන් ලෙස තුර්කිය සලකයි. ඇමෙරිකානුවන්ගේ සහාය ලබන කුර්දිවරුන්ට තුර්කිය පහර දෙන්නේ ද ඒ නිසාය.

මේ වනවිට සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ බලය අඩුවී ඇත. ඇමෙරිකා හමුදා පසුගිය 27 වැනිදා, වයඹදිග සිරියාවේ නිවසක සැඟවී සිටි අයි.එස්. නායක බැග්ඩෑඩි වටලා පහර දුන්නේය. එම ප්‍රහාරය හමුවේ බැග්ඩෑඩි සිය බෝම්බ කබාය පුපුරුවාගෙන මියගියේය.

සිරියානු අර්බුදයට සම්බන්ධ වෙමින්, රුසියාව, ඇමෙරිකාව, ඉරානය ඔවුන්ගේ හමුදා සිරියාවට එවනු ලැබ ඇත. ඇමෙරිකන් හමුදා මේ වනවිට සිරියාවේ තෙල් නිධිවලට ආරක්ෂාව ලබා දෙයි. එම තෙල් නිධි පිහිටා ඇත්තේ කුර්දිවරුන්ට අයත් පාලන ප්‍රදේශවලය.

(අල් ජසීරා)


RECOMMEND POSTS