විදෙස් හමුදා මැදපෙරදිගින් යන්න ඕනෑ



මැදපෙරදිග කලාපයේ රඳවා සිටින විදෙස් හමුදා ඉවත් කර ගැනීමට වහා පියවර ගන්නැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී අනතුරු ඇඟවීමක් කර ඇත.

‘අද මැදපෙරදිග කලාපයේ ඇමෙරිකන් සොල්දාදුවන්ගේ ජීවිත අනතුරේ. හෙට යුරෝපා රටවල සොල්දාදුවන්ගේ ජීවිත අනතුරේ වැටෙන්න පුළුවන්.’ යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී පැවැසුවේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවනට එක් වෙමිනි.

ජනරාල් කසීම් සුලෙයිමානීගේ ඇමෙරිකාවට තර්ජනය කර තිබුණත්, ඉරාන ජනාධිපති යුරෝපා රටවල් ඉලක්ක කර ගනිමින් තර්ජනයක් කළ පළමු අවස්ථාව මෙයයි.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS