විදුලි සැර වැදී පහක් මරුට‍



තුර්කියේ සකාර්යා පළාතේ අක්‍යාසි නගරයේ පිහිටි ඇති ජල උද්‍යානයක ජල ක්‍රීඩා කරමින් සිටි දරුවන් තුන්දෙනෙකු ඇතුළුව පුද්ගලයින් පස්දෙනෙකු විදුලි සැර වැදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති අතර වයස අවුරුදු 12,15 සහ 17 වයසේ පසු වු දරුවන් බව වාර්තා වේ.

දරුවන් තිදෙනා බේරා ගැනීම සඳහා ජල උද්‍යානයේ පනස්අට හැවරිදි කළමණාකරු සහ වයස අවුරුදු තිහක් වුකළමණාකරුගේ පුතා පිහිණුම් තටාකයට පැන ඇති අතර ඔවුන් දෙදෙනාටද විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇත.

ජල උද්‍යානයේ සේවකයින් දෙදෙනෙක් ප්‍රධාන විදුලි සැපයුම විසන්ධි කර ඇත.

හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා පස්දෙනාම රෝහල් ගත කර ඇතැත් ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට නොහැකි වී ඇත.

රූපවාහිනි විකාශනය කරන ලද දර්ශනයන්ට අනුව ජල උද්‍යානය අසල ගිලන් රථ කීපයක් නවතා තිබු අතර අක්‍යාසි රජයේ රෝහල ඉදිරිපිට පුද්ගලියින් පිරිසික් රැදී සිටින ආකාර දක්නට ලැබී ඇත. 

ස්තාම්බුල් නුවර සිටි කිලෝමීටර් 93ක් දුරින් ජල උද්‍යානය පිහිටා ඇති අතර 2012 වර්ෂයේදි පිහිණුම් තටාකයක් සහ විනෝද මධ්‍යස්ථානයක් ලෙස ලියාපදිංචි කර ඇති බව වාර්තා වේ.

සිදුවු සිද්ධිය ඉතා කණගාටුදායක තත්ත්වයක් බවඅක්‍යාසි නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය.

විදුලි සැර වැදීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොලිස් පරීක්ෂණයක් මේ වන විටත් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ද ටෙලිග්‍රාෆ් පුවත් ඇසුරෙනි) 


RECOMMEND POSTS