විද්වතෙක් නොබෙල් සම්මානයක්



එමිරේට්ස් විද්වතෙක් වන මහාචාර්ය, ජමාල් සනාඩ් අල්-සුවායිඩි 2019 නොබෙල් සම්මානයකට යෝජනා වී ඇත.

මහාචාර්යවරයා රචනා කළ 'The Mirage'නම් ග්‍රන්ථයට නොබෙල් සාහිත්‍ය සම්මානයකට යෝජනා වී ඇති අතර යුරෝපීය, අරාබි සංවිධාන සහ පුද්ගලයන් නොබෙල් ත්‍යාගය හිමි කර දීම සඳහා මහත් පරිශ්‍රමයක් දරමින් සිටින බව වාර්තා වේ.

'The Mirage' ග්‍රන්ථය “ෂයික් සෙයිඩ් සම්මානය’’ ඇතුළුව අරාබි සහ ලෝක මට්ටමින් සම්මාන කීපයක් හිමි කර ගැනීමට සමත් වී ඇත.

ආරබි භාෂාවෙන් රචනා වු ග්‍රන්ථයට ඉස්ලාමීය දේශපාලනයේ ඉතිහාසය, මූලාරම්භය, පරිණාමය, පරිචයන් සහ අරමුණු අඩංගු කර ඇත.

බෙල්ජියම, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ස්වීඩනය යන රටවල්වල විශේෂඥයින්,විද්වතුන්, ශාස්ත්‍රඥයන් සහ දේශපාලඥයන් 50 දෙනෙකුට වැඩි පිරිසක් මහාචාර්ය ජමාල් සහ ඔහුගේ පොත 2019 නොබෙල් සාහිත්‍ය සම්මානයට යෝජනා කර තිබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)


RECOMMEND POSTS