විඩියෝ ඇමතුම් නොමිලේ



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජීවත්වන විශේෂ අබාධිත සහිත පුද්ගලයන්ට විඩියෝ දුරකථන ඇමතුම් නොමිලේ ලබාදීමට කටයුතු කරන බව එමිරේට්ස් විදුලි සංදේශන නියාම අධිකාරිය ප්‍රකාශ කළේය.

අදාල සේවාවන් විශේෂ අබාධිත සහිත පුද්ගලයන්ට ලබාදෙන ලෙස එමිරේට්ස් විදුලි සංදේශන නියාම අධිකාරිය දුරකථන සේවාවන් සපයන ආයතන වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයකට ලබාදී ඇති මෘදුකාංගය ස්ථාපිත කරගැනීමෙන් පසු එමිරේට්ස් ඩිරාම් පනහක උපරිමයකට යටත්ව විඩියෝ දුරකථන ඇමතුම් නොමිලේ ලබාගැනිමේ හැකියාව විශේෂ අබාධිත සහිත පුද්ගලයන්ට හිමි වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS