විකිපීඩියා වෙබ් ජාලයට තුර්කියේ අවසර



අන්තර් ජාල විශ්වකෝෂය ලෙස ප්‍රකට දැනුම පිරි විකිපීඩියා වෙබ් ජාලයට පැනැවූ තහනම ඉවත් කිරීමට තුර්කිය පියවර ගෙන ඇත.

තුර්කි ව්‍යවස්ථාමය අධිකරණය විකිපීඩියා වෙබ් ජාලය තහනම් කළේ මීට වසර දෙකකට පෙර එනම් 2017 අප්‍රේල් මාසයේ සිටය.

විකිපීඩියා තුර්කියේ තහනම් කරන්නැයි තුර්කි රජය ඉල්ලා ඇත්තේ එම වෙබ් අඩවිය තුර්කිය අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක් සිදු කරන බවට චෝදනා නගමිනි.

තුර්කිය අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයට සහාය දක්වනවා යැයි විකිපීඩියා වෙබ් ජාලයේ එක් විශේෂාංගයක සඳහන් වී තිබුණි. තුර්කි ව්‍යවස්ථාමය අධිකරණය විකිපීඩියා තහනම ක්‍රියාවට නැංවූයේ ඒ අනුවය.

අන්කාරාහිදීය (අල් ජසීරා)


RECOMMEND POSTS