විකාශය කරන්න එපා කියලා



ඇමෙරිකාවේ ප්‍රකට ​දේශපාලන වැඩසටහන වන ‘60 මිනිට්ස්’ සඳහා ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී පසුගිය දා සම්බන්ධ වී ඇත.

පටිගත කරන ලද වැඩසටහන විකාශය කිරීමට ඔන්න මෙන්න තිබියදී ඊජිප්තු රජය එය විකාශය කිරීම නවත්වන්නැයි වන ‘60 මිනිට්ස්’ නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කරන සී.බී.එස්. ඇමෙරිකන් පුවත් නාළිකාවට දන්වා ඇත.

‘60 මිනිට්ස්’ සම්මුඛ සාකච්ඡාවේදී ඊජිප්තු ජනාධිපති අල් සීසී විවෘතව අදහස් දක්වා ඇත. ඊශ්‍රායලය සමඟ යහපත් සබඳතා පවත්වන බවත්, දේශපාලන සිරකරුවන්ට ඊජිප්තු රජය සලකන ආකාරය ගැනත් කරුණු දක්වා තිබේ.

මෙම කරුණු කාරණා ප්‍රසිද්ධියට පත් වුවහොත් එය ඊජිප්තු රජයට අවාසි යැයි පසුව වැටහී ඇති අතර, ‘60 මිනිට්ස්’ වැඩසටහන විකාශය කරන්න එපා යැයි ඊජිප්තු රජය ඉල්ලා ඇත්තේ ඒ අනුවය. සී.බී.එස්. නාළිකාවෙන් එම ඉල්ලීම කර ඇත්තේ ඇමෙරිකාවේ ඊජිප්තු තානාපතිවරයාය.

එම ඉල්ලීමට ගරු කරමින්  ‘60 මිනිට්ස්’ වැඩසටහන විනාශය නොවනු ඇති නමුත්  ‘ඊජිප්තු රජය විකාශය කරන්න එපා කී වැඩසටහන’ යන නමින් වෙනම එම සම්මුඛ සාකච්ඡාව ඉදිරියේ දී විකාශය කිරීමට තමන් පියවර ගන්නා බවත් සී.බී.එස්. නාළිකාව පවසා ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS