වැස්සේ ධාවනය කළොත් දඩ



ගංගා පිටාර ගලමින් පවතින අවස්ථාවන්වලදී ජිවිත අවධානම නොතකා මෝටර් රථ ධාවනය කරන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඕමාන පොලීසිය කටයුතු කරන බව වාර්තා වේ.

බොහෝමයක් රියදුරන් ගංගා පිටාර ගලන අවස්ථාවන්වලදි මෝටර් රථ ධාවනය කිරීමට උත්සහ දරන අතර ජීවිත හානි අවම කරගැනීම සඳහා අදාල නීතිය පැනවීමට කටයුතු කර ඇත.

අදාල නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට ඕමාන් රියාල් 500ක දඩ මුදලක් සහ මාස 3ක සිරදඩුවමක් නියම කරන බව ඕමාන රාජකීය පොලීසිය ප්‍රකාශ කළේ ය.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS