වැස්සෙන් බාධා



එක්සත් අරාබි එමිරෙට්ස් රාජ්‍යයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජනජිවිතවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

ප්‍රධාන මාර්ග කීපයක් ජලයෙන් යටවී ගමනාගමනයට බාධා එල්ල වීම හේතුවෙන් මාර්ග තදබදයක්ද ඇති වී ඇති අතර අනතුරු කීපයක්ද වාර්තා වේ.

මෝටර් රථ ධාවනය කිරීමේදි පරීක්ෂාකාරි වන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ගුවන් ගමන් ප්‍රමාදයක්ද ඇති වී තිබෙන නිසා ප්‍රමාදයන් පිළිබඳව දැනගැනීමට ටිකට්පත් වෙන් කරගෙන ඇති ගුවන් සමාගම්වලට ඇමතුමක් ලබාදෙන ලෙස එමිරේට්ස් සිවිල් ගුවන්සේවා අධිකාරිය දැණුම් දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS