වැස්සට යටවෙලා



කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපලේ ගුවන් ධාවන පථයවර්ෂා ජලයෙන් යටවීම සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත් කර පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බවනිවේදනයක් නිකුත් කරමින් කුවේට් නිවාස කටයුතු හා රාජ්‍ය සේවා අමාත්‍ය, ආචාර්ය ජෙනාන් බොෂරි ප්‍රකාශ කළාය.

කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපලේ ගුවන්ගමන් තාවකාලිකව නවතා දැමීමට සිදුවු බව වාර්තා වේ.

අන්තර්ජාතික මට්ටමේ ගුවන්තොටුපලක වර්ෂා ජලය එකතු වීම කිසිසේත්ම අනුමත කළ නොහැකි කාරණයක් බවත් අපහසුතාවයට පත් ගුවන්මඟීන්ට සිය කණගාටුව ප්‍රකාශ කරන බව අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS