වැරදීමකින් ඉරාන අත්අඩංගුවට



කුවේට් ජාතිකයෙකු වන ෆලී ජුමාන් අල්-අෂ්මිහාස්සැප්තැම්බර් 26 දින වැරදීමකින් ඉරාන හමුදා කඳවුරු කලාපයකට වැරදීමකින් ඇතුළු වීම හේතුවෙන් ඉරාන අත්අඩංගුවට පත් වී ඇති අතර ඔක්තෝබර් 22දින ඉරාන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතබව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

අල්-අෂ්මිහාස් ඉරාන අත්අඩංගුවෙන් මුදවාගැනීම සඳහා කුවේට් විදේශ කටයුතු අමාත්‍යාංශ බලධාරීන් ටෙහෙරානබලධාරීන්සමඟසහයෝගයෙන් කටයුතුකරමින්සිටිනබවවාර්තාවේ.

වයස අවුරුදු 24ක සංචාරකයෙකු වන අල්-අෂ්මිහාස් රටවල් 30කට අධික සංඛ්‍යාවක මේ වනවිට සංචාරය කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS