වැරදි දැන්වීම්වලට දඩ



අරාබි භාෂාව වැරදි ආකාරයෙන් භාවිතා කර ඇති ප්‍රචාරක දැන්වීම් වලට එමිරේට්ස් ඩිරාම් 1,000ක දඩ මුදලක් අය කිරීමට අබුඩාබි මහනගර සභාව තීරණය කර ඇති බව කුවේට් නාගරික සැලසුම් සහ මහ නගර දෙපාර්තමේන්තු ප්‍රධානී, ෆාලා මොහොමඩ් අල්-අහ්බාබි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

අරාබි භාෂාව වැරදි ලෙස යොදා ඇති ප්‍රචාරක දැන්වීම් නිවැරදි හෝ ඉවත් නොකරන්නේ නම් එමිරේට්ස් ඩිරාම් 5,000ක් දඩ මුදලක් අය කරන බව වාර්තා වේ. 

වැරදි තොරතුරු සහිත ප්‍රචාරක දැන්වීම් වලට එමිරේට්ස් ඩිරාම් 5,000ක් දඩ මුදලක් සහ හැකි ඉක්මණින් ප්‍රචාරක දැන්වීම් ඉවත් කරගන්නා ලෙසට නියෝග කරන බව වාර්තා වේ.

ප්‍රචාරක දැන්වීම් වලට අවසරය ලබාගැනීමේදි අබුඩාබි මහනගර සභාවට වැරදි තොරතුරු ඉදිරිපත් කර  පුද්ගලයින්ට එරෙහිව එමිරේට්ස් ඩිරාම් 10,000ක දඩ මුදලක් අය කරන බව දෙපාර්තුමේන්තු ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වැරදි තොරතුරු ප්‍රචාරය වීම වැලැක්වීමේ අරමුණින් අදාල දඩ මුදල් අය කරන බවත් පනවා ඇති දඩ මුදල් සම්බන්ධ සියලු තොරතුරු රජයේ නිල ගැසට් පත්‍රයේ පළ කර ඇති බව කුවේට් නාගරික සැලසුම් සහ මහ නගර දෙපාර්තමේන්තු ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS