වැරදි ඇඳුමක් ඇඳලා



රාමදාන් මාසය නිමිත්තෙන් රූපවාහිනි වැඩසටහනක්ඉදිරිපත් කළ අමල් අල්-වාඩි නිවේදිකාවඉස්ලාම් නීතිරිතිවලට පටහැනි ආකාරයෙන් ඇඳුමක් ඇද සිටීම නිසා රූපවාහිනි වැඩසටහනෙන් ඉවත් කරන ලෙස කුවේට් තොරතුරු අමාත්‍යාංශය නියෝග කර ඇති බව වාර්තා වේ.

නියෝගය නිකුත් කිරීමෙන් පසු සමාජ ජාල පරිශීලකයන් ඇගේ ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කර ඇති බව වාර්තා වේ.

සජිවි වැඩසටහන්වලින් ඇයව ඉවත් කරන ලෙස පිරිසක් ඉල්ලා සිටින ආකාරය දැක්වෙන විඩියෝවක් ඇය සිය ඉන්ටර්ග්‍රෑම් සමාජ ජාල ගිණුමේ පළ කර ඇති බව වාර්තා වේ.

රූපවාහිනි ආයතනය තමන්ට ඇඳුම ලබා දුන් බව රූපවාහිනි නිවේදිකාව ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS