වැඩියෙන් ඉරානයට සහාය දෙනවා



ඉරානය සමඟ ඇතිකරගත් න්‍යෂ්ටික එකඟතාවෙන් ඇමෙරිකාව ඉවත් වුවහොත්, තමන් තව තවත් ඉරානයට ළං වී, සහාය දක්වන බව රුසියාව අවධාරණය කර ඇත.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, චීනය සහ රුසියාව එක් වී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇතිකරගත් එකඟතාවෙන්, ලබන 12 වැනිදා වනවිට ඇමෙරිකාව ඉවත් කරගන්නවා යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත. ඒ, එම එකඟතාවය සංශෝධනය කළ යුතු බව පෙන්වමිනි.

ට්‍රම්ප්ගේ මෙම තීරණයට රුසියාව පමණක් නොව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, චීනය පවා විරෝධය දක්වා ඇත. ඇමෙරිකාව එකඟතාවයෙන් ඉවත් වුවහොත්, තමන් ද එය නොසළකා හරින බව ඉරානය පවසා ඇත.

ඉරානය හිතුවක්කාර අන්දමින් න්‍යෂ්ටික කටයුතු සිදු කිරීම ලොවට තර්ජනයකි. ඔවුන්ගේ එම කටයුතු සීමා වී ඇත්තේ මෙම එකඟතාව හරහාය. ඇමෙරිකාව එයින් ඉවත් වුවහොත්, ඉරානයට යළි සම්බාධක පැනැවීම් සිදුවෙයි.

එවැනි තත්ත්වයක් උදා වුවහොත්, තමන් ඉරානයට වැඩියෙන් සහාය දක්වන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙනුවෙන් එරට ජනාධිපති කාර්යාලය දන්වා ඇත.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS