වැඩි පිරිසක් බංගලිදේශ ජාතිකයන්



ඕමානයේ රැකියාවල නිරත විදේශ ශ්‍රමිකයන්ගෙන් වැඩි පිරිසක් බංගලිදේශ ජාතිකයන් බව ඕමාන් සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේය.  

බංගලිදේශ ජාතිකයින්  682,702අප්‍රේල් මාසය අවසන් වනවිටරැකියාවල නිරත වු බවත්  මැයි මාසය මැද වනවිට  3.6% වර්ධනයක් පෙන්නුම් කරමින් 680,242 දක්වා ඉහළ ගොස් ඇති බව දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.

ඉන්දීය ජාතිකයින් 688,696ක්ද, පකිස්ථාන ජාතිකයන් 227,079ක් සහ පිලිපීන ජාතිකයන් 46,458විදේශ ශ්‍රමිකයන් ලෙස ඕමානයේ සේවයේ නිරත වේ.

2018 මැයි මාසය අවසන් වනවිට සමස්ථ විදේශ ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 1,830,394 වු බවත් අප්‍රේල් මාසයේදි 1,836,569ක් ලෙස වාර්තා වු බව ඕමාන් සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS