වැඩට එන්න එපා: ඕමාන රජය



ඕමාන් රාජ්‍ය සේවකයන් සේවයට වාර්තා කිරීම නිදහස් කර ඇති බව එරට රජය නිවේදනය කරයි.

2020 අප්‍රේල් 01 දින සිට අදාල නිදහස් කිරීම ක්‍රියාත්මක වන බවත්, අත්‍යාවශ්‍ය රාජකාරියකට පමණක් සේවයට වාර්තා කරන ලෙස ඕමාන රජය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

කොරෝනා වෛරසය (කොවිඩ් -19) පැතිරීම මැඩපැවැත්වීමේ ආරක්ෂිත පියවරක් ලෙස අදාල නියෝගය නිකුත් කර ඇත.

සේවකයන් සේවයට වාර්තා කිරීම නිදහස් කිරීම හේතුවෙන් රජයේ අයතනවල සිදුවන පාඩුව හැකිතාක් අවම කර ගැනීමට කටයුතු කරන ලෙස ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත.

සියලුම රජයේ ආයතනවලසේවක සංඛ්‍යාව 30% දක්වා අඩු කිරීමට කොරෝනා මර්ධන කමිටුව තීරණය කර ඇති අතර, 70% සේවක පිරිසට නිවසේ සිට වැඩ කරන ලෙස දැණුම් දී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS