වැටුප් ගෙවන්න මිලියන 70ක්



යේමනයේ ගුරුවරුන්ට වැටුප් ගෙවීම සඳහා සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ඇමරිකානු ඩොලර් හැත්තෑවක් (70) වෙන් කර ඇති බව වාර්තා වේ.

රටවල් දෙකම සමානව බෙදී යන ආකාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන තිස්පහ (35) බැගින් ලබාදෙන බව වාර්තා වේ.

අදාල මුදල් යුනිසෙෆ් සංවිධානය හරහා යේමන ගුරුවරුන් 136,799කට ලබාදීමට නියමිතව ඇත.

වැටුප් ගෙවීම සම්බන්ධයෙන් රාජකීය උපදේශක සහ සල්මාන් මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානයේ ප්‍රධාන අධ්‍යක්ෂ, ආචාර්ය අබ්දුල්ලා අල්-රබී, එමිරේට්ස් විදේශ කටයුතු හා අන්තර්ජාතික සහයෝගීතාවසහකාර අමාත්‍ය, මොහොමඩ් අල්-ශම්ෂි සහ යුනිස්කෝ සංවිධානයේ ගල්ෆ් කලාපයේ නියෝජිත, අල්-ටයේබ් ඇඩම් අතර ගිවිසුමක්ද අත්සන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS