වැටුප් කලින්



සියළුම රාජ්‍යය සේවකයින්ට ජුනි 20 වෙනි දිනට පෙර ජුනි මාසයට අදාල මාසික වැටුප් ගෙවන ලෙසට එක්සත් අරාබි ජනාධිපති, ෂයික් කලීෆා බින් සයෙඩ් අල් නහියන් නියෝග කර ඇති බව  එමිරේට්ස් ප්‍රවෘත්ත ඒජන්සිය වාර්තා කළේය.

විශ්‍රාමිකයින් සහ සමාජ ආධාර සඳහා සුදුසුකම් ලබා සිටින පුරවැසියන්ටත් අදාල ගෙවීම් ජුනි 20 වෙනි දිනට පෙර හිමි වේ.

Eid Al Fitr උත්සවය වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍යයන් මිලදී ගැනීම සඳහා මාසික වැටුප් කලින් ලබාදීමට එමිරේට්ස් රජය නියෝග කර ඇත.

ඩුබායිපාලක, ෂෙයික්මොහොමඩ් බින්රෂීඩ් අල්මක්ටුම්ද මාසික වැටුප කලින් ගෙවන ලෙස රජයේ දෙපාර්තමේන්තුවලට ඉරිදා (ජුනි 11)නියෝග කරන ලදී.

ඒ අනුව, Eid Al Fitr උත්සවයට දින 10කට පෙර රජයේ සේවකයින්ට (ජුනි 15 දින) මාසික වැටුප් හිමි වන බව එමිරේට්ස් ප්‍රවෘත්ත ඒජන්සිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS